What a Wonderful World(කෙතරම් අපූරු ලොවක් ද) -Louis Armstrong

English:

I see trees of green
Red roses too
I see them bloom
For me and you
And I think to myself
What a wonderful world

I see skies of blue
And clouds of white
The bright blessed day
The dark sacred night
And I think to myself
What a wonderful world

The colors of the rainbow
So pretty in the sky
Are also on the faces
Of people going by
I see friends shaking hands
Saying, “How do you do?”
They’re really saying
“I love you”

I hear babies cry
I watch them grow
They’ll learn much more
Than I’ll never know
And I think to myself
What a wonderful world

Yes, I think to myself
What a wonderful world

සිංහල පරිවර්තනය :

මා කොළ පැහැවූ වෘක්ෂයන් දකිමි
එසේම රතු රෝස මල් ද දකිමි
ඒවා පිපෙනා බව මට පෙනේ
මා සහ ඔබ වෙනුවෙන්..
ඉතින් මා එවිට සිතමි
‘කෙතරම් අපූරු ලොවක් ද?’

මා නිල් පැහැති ආකාශය දකිමි
එසේම සුදු පැහැ වූ වළාකුලු ද..
දීප්තිමත් ආශිර්වාද ලත් දිනයක්..
අඳුරු වූ පූජනීය රාත්රියක්..
ඉතින් මා එවිට සිතමි..
‘කෙතරම් අපූරු ලොවක් ද?’

දේදුන්නෙහි වූ පැහැයන්
අහසෙහි ඉතාම රමණීය වේ..
එසේම යනෙන මිනිසුන්ගේ මුහුණුද..
මට පෙනෙනවා මිතුරන් අතිනත දෙනවා ”ඔබට කොහොමදැයි” අසමින්
ඔවුන් එයින් කියන්නේ “මා ඔබට ආදරෙයි” යන වගයි..

මට බිළිඳුන් හඬනවා ඇසෙයි
මා බලා සිටියෙමි ඔවුන් වැඩෙනා අයුරු
ඔවුන් තව බොහෝ දේ ඉගෙන ගනු ඇත
මා දැන සිටියාටත් වඩා..
ඉතින් මා එවිට සිතමි
‘කෙතරම් අපූරු ලොවක් ද?’

ඔව් මා එවිට සිතන්නේ..
‘කෙතරම් අපූරු ලොවක් ද?’

වීඩියෝව සඳහා youtube link එක

Imagine- සිතෙහි මවාගන්න..

පරිවර්තනය කරන පළමු ගීතය තමයි මේ..මේ ගීතය නිර්මාණය කරන්නේ සහ ගායනා කරන්නේ මෑත යුගයේ දාර්ශනිකයෙකු ලෙසත් The Beatles නම් වූ සංගීත කණ්ඩායමේ ගායකයෙක් සහ වාදකයෙක් ලෙස කටයුතු කරපු ජෝන් ලෙනන් (John Lennon).බැලූ බැල්මට සරල ගීතයක් ..ඒත් මේ ගීතයේ අදහස නම් සරල නෑ..විශිෂ්ටයි..මේ ගීතය  ඔයාලා අහලම බලන්න..

Imagine there’s no heaven
It’s easy if you try
No hell below us
Above us only sky
Imagine all the people
Living for today…

Imagine there’s no countries
It isn’t hard to do
Nothing to kill or die for
And no religion, too
Imagine all the people
Living life in peace… You…

You may say I’m a dreamer
But I’m not the only one
I hope someday you’ll join us
And the world will be as one

Imagine no possessions
I wonder if you can
No need for greed or hunger
A brotherhood of man
Imagine all the people
Sharing all the world… You…

You may say I’m a dreamer
But I’m not the only one
I hope someday you’ll join us
And the world will live as one…

පරිවර්තනය:

සිතෙහි මවා ගන්න ස්වර්ගයක් නැතැයි කියා..
ඔබ උත්සාහ කරන්නේ නම් එය පහසු දෙයකි..
අපට පහලින් නිරයක්ද නොවේ..
අපට ඉහළින් අහස පමණි..
සිතෙහි මවා ගන්න සියලු මිනිසුන් අද දවස වෙනුවෙන් ජීවත් වීමක්..

සිතෙහි මවාගන්න දේශයන් නැතැයි කියා..
එය කිරීමට අපහසු නොවේ..
මරන්නට හෝ මැරෙන්නටද කිසිවක් නොවේ..
කිසිදු ආගමක්ද නොවේ.
සිතෙහි මවාගන්න සියලු මිනිසුන් සාමයෙන් ජීවත් වීමක්..

ඔබ පවසන්නට පුලුවන් මා සිහින දකින්නෙකැයි කියා..
නමුත් ඒ මා පමණක්ම නොවේ..
මා අපේක්ෂා කරමි කෙදිනක හෝ ඔබ අප සමඟ එක් වේ යැයි..
එවිට ලොවම එක හා සමාන වනු ඇත..

සිතෙහි මවා ගන්න කිසිදු දේපලක් නැතැයි කියා
මා පුදුම වනවා ඔබට එය පුලුවනි නම්..
කෑදරභාවයේ හෝ කුසගින්නේ අවැසිබවක්ද නොවේ..
සිතෙහි මවා ගන්න සියලු මිනිසුන් මුලු ලොවම බෙදා හදා ගැනීමක්..

ඔබ පවසන්නට පුලුවන් මා සිහින දකින්නෙකැයි කියා..
නමුත් ඒ මා පමණක්ම නොවේ..
මා අපේක්ෂා කරමි කෙදිනක හෝ ඔබ අප සමඟ එක් වේ යැයි..
එවිට ලොවම එක හා සමාන වනු ඇත..

-ජෝන් ලෙනන්-

Youtube link👉

ඔබගේ අදහස් දක්වන්න අමතක කරන්න එපා..වැරදි අඩුපාඩු, වගේම මේ ගැන ඔබේ වෙනත් අදහස් තියනවනම් අපට කියන්න..
~👆.🤗❤~

විදෙස් ගී සිංහල බසින්…

ලොව සුපතල විදෙස් ගීතවල අරුත ,ඒවායේ අර්ථයන්ට ,නිර්මාණකරුවන්ට,හා ගීතයේ ගුණාංගවලට හා ගීතයේ රසවින්දනයට  හානි නොවන පරිද්දෙන් සිංහල බසින් ගෙනහැර දැක්වීමේ උත්සාහයකි….